fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආසියාවේ වැදගත්කම ජනපති ලෝකයට පෙන්වා දෙයි

    ආසියාවේ වැදගත්කම ජනපති ලෝකයට පෙන්වා දෙයි

    ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන වන ආසියාව ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වයක් සපයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

    චීනයේ ප්‍රකෘතිමත් වීම, ඉන්දියාවේ දේශීය ඉල්ලුම සහ ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්හි දායකත්වයෙන් කලාපයේ අඛණ්ඩ වර්ධනය සඳහා සහාය දක්වන ආකාරය ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

    ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළෙඳ ඒකාග්‍රතාව පෙන්වා දුන් ඔහු ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳ විවිධ දේශපාලන ක්‍රම සහ නිර්වචනවලට ගරු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

    ජපානයේ මේ වනවිට නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

    ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේදී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා හමුවිය. එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.