fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍ය සභා නිලවරණයෙන් GMOAට විශිෂ්ට ජයක්

    වෛද්‍ය සභා නිලවරණයෙන් GMOAට විශිෂ්ට ජයක්

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සභිකයන් අට දෙනෙකු තෝරා පත්කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් ජය ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (24) සමත් විය.

    බණ්ඩාරානායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලිය ශාලාවේ දෙදිනක් පුරා මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

    මීට සුළු වේලාවකට පෙර එහි ප්‍රතිඵල නිකුත් වූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අපේක්ෂකයන් අට දෙනාම වැඩිම මනාපයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තේරි පත්වීම විශේෂත්වයකි.

    ඒ අනුව වෛද්‍ය හරිත අලුත්ගේ ඡන්ද 3468ක් ලබා ඇති අතර වෛද්‍ය දර්ශන සිරිසේන 3287ක්,වෛද්‍ය චන්දික එපිටකඩුව 3283ක්,වෛද්‍ය ඉන්දික ද ලැනරෝල් 3217ක්,වෛද්‍ය ලාල් පනාපිටිය 2983ක්,වෛද්‍ය චන්දන ධර්මරත්න 2881ක්, වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ 2870ක් සහ වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ 2756ක් මනාප ලබා ගනිමින් වෛද්‍ය සභාවට තේරී පත්වී ඇත.

    Final Results PDF

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.