තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේවගැති ජෙරම් ගැන ගත් පියවර නීතිපති උසාවියට දන්වයි

    දේවගැති ජෙරම් ගැන ගත් පියවර නීතිපති උසාවියට දන්වයි

    දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් බුද්ධ දර්ශනය ගැන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බව නීතිපතිවරයා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

    ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම කර ඇත.

    දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

    අදාළ දේවගැතිවරයාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භකර තිබේ.

    ඒ පිළිබඳව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් නීතිපතිවරයාගේ පාර්ශවය අධිකරණය වෙත දැනුම් දුනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img