තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල වී වගාවට පොහොර ටොන් 25000ක් ගෙන්වයි

    යල වී වගාවට පොහොර ටොන් 25000ක් ගෙන්වයි

    මෙවර යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

    ඒ අනුව ලංකා පොහොර සමාගම විසින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් 40%ක් වශයෙන් එම පොහොර ප්‍රමාණය ආනයනය කරනු ඇත.

    කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ යල කන්නය සඳහා රජයේ පොහොර සමාගම් 2ක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගෙනබව සඳහන් විය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img