fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩෙංගු මාරයාට 22 ක් බිලි

    ඩෙංගු මාරයාට 22 ක් බිලි

    ඩෙංගු වැළඳීමෙන් මේ වනවිට පුද්ගලයින් 22 දෙනෙක් මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    ඉන් මරණ 7 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

    එමෙන්ම මේ වනවිට මහනුවර, කුරුණෑගල, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කවලිනුත් යම් සැලකිය යුතු ප්‍රමාණයේ රෝගීන්ගේ වර්ධනයක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    මේ වනවිට රෝගීන් අනපේක්ෂිතව වැඩිවීම වළක්වා ගැනීම‍ සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත.

    මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද (16) උදෑසන දක්වා කාලය තුළ මෙරටින් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,742 ක් ලෙස සඳහන්ය.

    ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,017 දෙනෙක්ද , ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,602 දෙනෙක්ද , කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,984 දෙනෙක්ද වාර්තා වී තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.