තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියන් වගේ පෙනී සිටිමින් තරුණියන් නිරුවත් කළ පාසල් සිසුවා CID...

    ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියන් වගේ පෙනී සිටිමින් තරුණියන් නිරුවත් කළ පාසල් සිසුවා CID අත්අඩංගුවට

    මෙරට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියන් දෙදෙනෙකුගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් දෙකක් නිර්මානය කර නිරූපන ශිල්පිනියන් ලෙස නවක තරුණියන් බඳවා ගන්නා බවට දැන්වීමක් එහි පලකර තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ඒ ඔස්සේ ලබාගත් පාසල් ශිෂ්‍යයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මිනුවන්ගොඩ පදිංචි මෙම සිසුවා 19 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර ඔහු විෂයක් ලෙස තොරතුරු තාක්ෂණ විෂය හදාරන බවද පොලීසිය කියයි.

    මෙම සිසුවා මෙම කටයුත්ත මාස හයක් තිස්සේ කර ඇති බව පොලීසිය කියයි. සැකකාර සිසුවාගේ පරිගණකයේ තිබී තරුණියන් 12දෙනෙකුගේ නිරුවත් ඡායාරූප රැසක්ද හමුවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img