fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවරටත් සූදානම්

    රජයේ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවරටත් සූදානම්

    රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සම්බන්ධයෙන් මීළඟට ගතයුතු ඉදිරි පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය එකඟ වෙයි.

    ඒ සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ අනුමත කර ඇත.

    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ සහාය වීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය ස්ථාපිත කිරීමට 2022 09 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

    ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන් විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවාවවල ගුණාත්මකභාවය, මිල හා ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීම, එකී ව්‍යවසායයන් මඟින් මහා භාණ්ඩාගාරයට ඇති මූල්‍ය බලපෑම ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

    එමෙන්ම පෞද්ගලික ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා තරගකාරී හා වෙළෙඳපොළ පදනම් කර ගත් ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ප්‍රතිපත්තිය සකස් කර ඇත.

    එකී ප්‍රතිපත්තිය මත පදනම්ව ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙලෙස යෝජනා කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.