fbpx
තවත්
    මුල් පිටුවspecialගොන්ටා දාලා එයා ගිහින්..

    ගොන්ටා දාලා එයා ගිහින්..

    සටහන – වෛද්‍ය නුවන් තොටවත්ත

    රූපවාහිනි විකාශන කාලය රටක දරුවන්ගේ ජීවිත තරම් වටින්නෙ නැති කාලෙ ලංකාවෙ රූපවාහිනි අධ්‍යාපන සේවය කියලා එකක් තිබ්බා. පාසල් නිවාඩු කාලෙ හැමදාම උදේට හැම වයසකම පාසල් දරුවන්ගේ මනසට වැදගත් දේවල් අධ්‍යාපන සේවයෙන් අරගෙන ආවා.

    අධ්‍යාපන සේවය ගැන තියෙන මතක අතරේ තියෙන හොඳම මතකය ගොන්ටා. ගොන්ටා හිටියේ ” කැන් යූ ඩූ ඉට්” එහෙමත් නැත්නම් ” ඩිල්කිරූකානා” කියන ඉංග්‍රීසි හඬකවපු ජපන් වැඩසටහනක. එතකොටත් වැඩසටහන අවුරුදු විස්සක් තිහක් පරණයි.

    එ වැඩසටහනේ ගුරුවරයා ” නොපෝ”. ජපන් විදිහට ” නොපෝ සාං “. . එයා තමයි ගොන්ටාට එක එක අත්වැඩ කියලා දෙන්නේ. එයා ගොන්ටා එක්ක එකතු වෙලා පුදුම ලස්සන නිර්මාන කලා. අවට තියෙන පලතුරු ගෙඩියක්, කඩදාසි කොලයක් , යෝගට් කෝප්පයක් වගේ ඕනම දෙයක් නොපෝ සාං අතින් ලස්සන අත්වැඩක් බවට හැරවුණා.

    මුල් ළමා විය සංවර්ධනය කියන අතිශය වටිනා සංකල්පය ලංකාවට ඇවිත් තියා ඉන්දියන් සාගරයේ වත් ගෑවිලා නැති කාලෙක නොපෝ හරි පුදුම විදිහට අපේ මුල් ළමාවිය සංවර්ධනය කළා. අපිට කළාව කියලා දුන්නා.

    ජීවිතේට දැකලා වත් නැති දරුවන් ලක්ෂ ගණනක යේ මනස දියුණු කරන්න ජීවිතයම කැප කරපු නොපෝ, ඒ කියන්නේ ” එයි ටකාමි ” කියන සුන්දර මනුස්සයා අවුරුදු 88ක් ජීවත් වෙලා 2022 මැයි 10 වෙනිදා මිය ගිය පුවත 1967 ඉඳන් 1990 විතර වෙනකල් මේ වැඩසටහන නිශ්පාදනය කරපු ජපානයේ NHK ආයතනය නිවේදනය කරලා තිබුනා.

    ඔහු නැතුව ගොන්ටාට තනියම අත්වැඩ කරන්න බැරි වුනත් ඔහු ගෙන් ඉගෙනගත්ත , ඔහු නිසා මුල් ළමාවිය ලස්සන කරගත්ත ගොඩක් දරුවෝ අදටත් ලෝකෙ තැන් තැන් වල හරි ලස්සනට අත් වැඩ කරනවා ඇති.

    සුබ ගමන්.. දයාබර නොපෝ..

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.