fbpx
තවත්
    මුල් පිටුවspecialඉම්රාන් ඛාන් අත්අඩංගුවට

    ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

    පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සහ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද පසුවරුවේදී ඉස්ලාමාබද් අගනුවර මහාධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉස්ලාමාබාද් මහාධිකරණය ඉදිරියේදී හිටපු අග්‍රාමාත්‍ය ඛාන් පෙනී ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විභාග වූ නඩුකටයුත්තක් සඳහා අධිකරණය පැමිණි අවස්තාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    පාකිස්තාන මාධ්‍ය විසින් ප්‍රචාරය කළ දර්ශන වලට අනුව විශේෂ සන්නද්ධ රථවලින් පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් විසින් අධිකරණ භූමියට හිටපු අග්‍රාමාත්‍ය ඛාන් පැමිණීමත් සමඟ අත් අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුව අධි ආරක්ෂිත සන්නද්ධ රථයකින් රැගෙන ගොස් තිබේ.
    ඉම්රාන් ඛාන් ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද අතර එතැන් සිට ඔහු ඉතා ප්‍රවේගකාරීන මැතිවරණ සඳහා ප්‍රචාරක කටයුතුවල නිරත විය.

    මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ පන්ජාබ් පොලිසියේ පොලිස්පතිවරයාගේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ හිටපු අග්‍රමාත්‍ය ඛාන් “දූෂණ සහ දූෂිත ක්‍රියාවන්” සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බවයි.

    මේ අතර හිටපු අග්‍රමාත්‍යවරයා ඉස්ලාමාබාද් වෙත ගමන් කරමින් සිටියදී පටිගත කර පසුව නිකුත් කළ විඩියෝවකින් ක්‍රයා සිටියේ, “වරෙන්තු අරගෙන මා ළඟට එන්න, මගේ නීතිඥයින් එතන ඉන්නවා. මාව හිරේ යවන්න ඕන නම් මම ඒකට සූදානම්.” යනුවෙනි.

    මේ අතර හිටපු අග්‍රමාත්‍යවරයාට සහය පලකරන ජනතාවට වීදි වෙත පැමිණ සිය විරෝධතාවය පළකරන ලෙසට ඉම්රාන් ඛාන් නායකත්වය දරන පක්ෂයේ සමාජිකයින් ඉල්ලා ඇති බවද වාර්තාවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.