fbpx
තවත්
    මුල් පිටුවspecialමහා බ්‍රිතාන්‍යයේ ඓතිහාසික රාජාභිෂේකයේදී iii වැනි චාල්ස් රජු කිරුළු පළඳියි

    මහා බ්‍රිතාන්‍යයේ ඓතිහාසික රාජාභිෂේකයේදී iii වැනි චාල්ස් රජු කිරුළු පළඳියි

    මහා බ්‍රිතාන්‍යයේ වසර 70කට පසුව අති උත්කර්ශවත් ලෙස සමරන ඓතිහාසික පළමු රාජාභිෂේකයේදී iii වැනි චාල්ස් එරට රජු ලෙස මීට සුළු මොහොතකට පෙර කිරුළු පැළඳියේ ය.

    ලොව පුරා මිලියන 100 ක ජනතාවක් නරඹන මෙම ඓතිහාසික රාජාභිෂේකයේදී ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ රාජකීය දේවස්ථාන‍යේදී සිදුකෙරේ.

    III චාල්ස් රජුගේ රාජාභිෂේකය මෙලෙස පවත්වනු ලබන්නේ 1937 න් පසු බ්‍රිතාන්‍ය රජෙකුගේ පළමු රාජාභිෂේකය ලෙසයි.

    පසුගිය සැප්තැම්බරයේ ඔහුගේ මව වන දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඔහුගේ රාජ්‍යත්වය පිළිබඳ සම්ප්‍රදායානුකූලව ආගමික වශයෙන් තහවුරු කිරීම මෙහිදී සිදුවෙයි.

    චාල්ස් රජු සහ බිරිඳ කැමිලා වින්ඩ්සර් ග්‍රේ අශ්වයන් හය දෙනෙකු විසින් අඳින ලද රාජකීය දෝලාවෙන් ඇබේ වෙත පිටත්ව ගියේ අශ්වාරෝහක හමුදාවේ සාමාජිකයින් පිරිවරාගනිමිනි.

    මෙම රාජාභිෂේකය සඳහා සහභාගී වන්නේ 2,000 දෙනෙකු පමණි. මීට සමාන නමුත් සරල උත්සවයකදී කැමිලා වෙන වෙනම කිරුළු පළඳිනු ඇත. 1953 දී දෙවන එලිසබෙත් රැජිනගේ කිරුළ පැළඳීම සඳහා වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රැස් වූ අමුත්තන් 8,000 කට වඩා වැඩි ය.

    14 වැනි සියවසේ දී ඇබේ හි සිංහාසනය මත හිඳගෙන, ශාන්ත එඩ්වඩ්ගේ වසර 360 ක් පැරණි ඔටුන්න හිස මත තබා ගන්නා වයස්ගතම බ්‍රිතාන්‍ය රජු බවට III චාල්ස් රජු පත්වනු ඇත.

    චාල්ස්ගේ රජුගේ මුනුපුරා වන ජෝර්ජ් කුමරු සහ කැමිලාගේ මුණුබුරන් මෙම මහා උත්සවයේ නිල භූමිකාවන් ඉටු කරනු ඇත.

    බ්‍රිතාන්‍ය අගමැති සහ හින්දු භක්තිකයෙකු වන රිෂි සුනාක් එක්සත් රාජධානියේ රාජ්‍ය ප්‍රධානියා ලෙස බයිබලය කියවීමෙන් ඉතිහාසයට එක්වනු ඇත. ඔහු රාජාභිෂේකය විස්තර කළේ ‘එක්සත් රාජධානියේ ඉතිහාසය, සංස්කෘතිය සහ සම්ප්‍රදායන්හි අභිමානවත් ප්‍රකාශනයක්’ ලෙසයි.

    මෙම උත්සවය 1953 දී එළිසබෙත් රැජින වෙනුවෙන් සිදුවූ උත්සවයට වඩා කුඩා පරිමාණයකින් සිදුවනු ඇත, නමුත් තවමත් දර්ශනීය සහ දීප්තිමත් උත්සවයක් පැවැත්වීමට අවශ්‍ය සියලු අංග ඒ අයුරින්ම පැවැත්වේ.

    හැරී සහ ඇන්ඩෲ කුමරුන් දෙදෙනාම III චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වී සිටී. නමුත් ඔවුන්ට කිසිදු විධිමත් කාර්යභාරයක් නොලැබෙනු ඇත. ඔවුන් පිටත සිටින අතර උත්සවයෙන් පසු අලුතින් ඔටුනු පැළඳි රජු ඇබේ සිට ආපසු බකිංහැම් මාලිගය වෙත රැගෙන යන රාජකීය පෙරහැරෙන් ද මෙම දෙදෙනා නොපැමිණෙනු ඇත.

    බකිංහැම් මාලිගය වෙත ආපසු පැමිණීමෙන් පසු, යුවල සහ අනෙකුත් බ්‍රිතාන්‍ය රාජකීයයන් බැල්කනියේ සාම්ප්‍රදායික ලෙස පෙනී සිටිමට නියමිතය.

    රාජාභිෂේකාය‍ේ විශේෂ අවස්ථා කිහියක් පහත ඡායාරූපවලින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.