තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් නිලධාරියෙක් හප්පා පැනගිය ආයුර්වේද වෛද්‍යවරයා කොටුවෙයි

    පොලිස් නිලධාරියෙක් හප්පා පැනගිය ආයුර්වේද වෛද්‍යවරයා කොටුවෙයි

    වෙසක් උත්සවය වෙනුවෙන් බටපොත පොත්ගුල් විහාරස්ථානයේ රාජකාරි යොදවා සිටි ගම්පහ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් මාර්ගයේදී හප්පා පළාගිය ආයුර්වේද වෛද්‍යවරයෙක් ගම්පහ පොලීසියේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    ගම්පහ පොලීසියට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙක් පොත්ගුල් විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිට ඇත.

    මෙම නිලධාරීන් දෙදෙනා රාජකාරි සඳහා ගමන්කරමින් සිටියදී බටපොත හන්දිය අසල දැඩි රථවාහන තදබදයක් ඇති බව දැක එය පාලනය කිරීමට මැදිහත්ව තිබේ.

    මෙම අවස්ථාවේදී මාර්ගයේ ජිප් රථයක් මාර්ගයේ රථවාහන පාලනය කරමින් සිටි නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ගැටී ඇත. එම අවස්ථාවේදී ජිප් රථයේ සිටි රියදුරු සහ එහි සිටි තවත් අයෙක් පොලිස් නිලධාරීන්ට බැන වැදී පළාගොස් ඇත්තේ ජිප් රථයේ ගැටුණු නිලධාරියාට කුමක් සිදුවී ඇතැයි සොයා බැලීමකින් තොරවය.

    ජිප් රථයේ ගැටුණු පොලිස් නිලධාරියා තුවාල තබා රෝහල්ගතකර ඇත. ජිප් රථයේ අංකය ඔස්සේ විමර්ශන පැවැත්වීමේදී අනාවරණය වී ඇත්තේ ජිප් රථය පදවා ඇත්තේ ආයුර් වේද වෛද්‍යවරයෙක් බවය. ඒ අනුව 70 හැවිරිදි එම ආයුර් වේද වෛද්‍යවරයාව පොලීසිය විිසින් අත්අඩංගුවට ගෙන ඇත. ජිප් රථයේ එම අනතුර සිදුවන අවස්ථාවේ රැදී සිටිමින් පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කරමින් සාපරාධි බලහත්කාරකම් පෑ සෙසු සැකකරු සොයා වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව ගම්පහ පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img