තවත්

    මැයි දිනය අදයි

    ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට (01) යෙදී තිබේ.

    පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කුඩා කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවර වී ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කළ දිනය ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය ලෙස අද ලෝකයම හඳුන්වනු ලබයි.

    1886 අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාව පසුව ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය.

    එදා සටන් පාඨ කියමින් එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික සුවහසක් කම්කරු ජනතාවගේ රුධිරය මතින් මැයි 01 දින ජාත්‍යන්තර කම්කරු දිනය බවට පත් වුයේ එලෙසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දී ය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.

    ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් කරමින් 1956 දී මැයි 01 දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.

    මෙවර මැයි දිනය වෙනුවෙන් ද මෙරට ප්‍රධාන පක්ෂ සහ සංවිධාන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img