fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු නාවික හමුදාපතිවරයකුට අමෙරිකාව තහනම්

    හිටපු නාවික හමුදාපතිවරයකුට අමෙරිකාව තහනම්

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහු‍ගේ බිරිඳට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට නුසුදුස්සන් ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබේ.

    රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කරන ලද වසන්ත කරන්නාගොඩ විසින් බරපතල මානව හිමිකම් කඩකිරීමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ සහ විශ්වසනීය බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

    වසන්ත කරන්නාගොඩ නම් කිරීම මගින් එක්සත් ජනපදය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අයගේ දුක් වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කැපවීම යලි තහවුරු කරන බව එම දෙපාර්තමේන්තුව ඊයේ (26) නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    වසර 75ක ඉතිහාසයක් පුරා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සබඳතාව පදනම් වී ඇත්තේ, සාරධර්ම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වූ කැපවීම මත බව එහි දැක්වේ.

    දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව ගොඩනඟා ගන්නා විට, ශ්‍රී ලංකාවට නිසි සම්පත් සහ පුහුණුව ඇති බව සහතික කරමින් මානව හිමිකම් ප්‍රමුඛස්ථානයේ තබා ගන්නා ආරක්ෂක ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම ඇතුළු යුක්තිය, වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාම, නැගී එන ආරක්ෂක ගැටළු විසඳීමට සඳහා ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට කැපවී සිටින බව අමෙරිකානු රජය අවධාරණය කරයි.

    වසන්ත කරන්නාගොඩ මහතා මේ වනවිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.