තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමික මාණ්ඩලික සැරයන් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

    විශ්‍රාමික මාණ්ඩලික සැරයන් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

    යුද හමුදාවේ විශ්‍රාමික මාණ්ඩලික සැරයන්වරයෙකුව පිස්තෝලයක් සමඟ රාජංගනය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම මාණ්ඩලික සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    මෙම මාණ්ඩලික සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යාය 15, මාරගහවැව ප්‍රදේශයේදී ය.

    සැකකරු වයස අවුරුදු 42ක් වන අයෙකි. කිලිනොච්චිය කඳවුරේ සේවයේ නිරතව සිටියදී ඔහු විශ්‍රාම ගොස් ඇත්තේ 2022 වසරේ මැයි 11 වෙනිදා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img