යුද හමුදාවේ විශ්‍රාමික මාණ්ඩලික සැරයන්වරයෙකුව පිස්තෝලයක් සමඟ රාජංගනය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම මාණ්ඩලික සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙම මාණ්ඩලික සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යාය 15, මාරගහවැව ප්‍රදේශයේදී ය.
සැකකරු වයස අවුරුදු 42ක් වන අයෙකි. කිලිනොච්චිය කඳවුරේ සේවයේ නිරතව සිටියදී ඔහු විශ්‍රාම ගොස් ඇත්තේ 2022 වසරේ මැයි 11 වෙනිදා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.