තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩුවලට ඇල්ලූ සැකකරු පොලීසියේදී බෙල්ල කපාගෙන

    කුඩුවලට ඇල්ලූ සැකකරු පොලීසියේදී බෙල්ල කපාගෙන

    කුරුණෑගල පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගත් සැකකරුවෙක් පොලිස් ස්ථානය තුළදී වීදුරු බෝතලයක් පොලොවේ ගසා කඩා වීදුරු කැබැල්ලක් ගෙන ගෙල කපාගෙන ඇත.

    කරුණෑගල ගල්වල පැත්තේදී 29 හැවිරිදි මෙම සැකකරුව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. ඒ හෙරොයින් මිලි ග්‍රෑම් 1050ක් සමගිනි.

    දෑතට විලංගු දමා පොලිස් ස්ථානයට රැගෙන පැමිණි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අදාල සටහන් පොලිස් නිලධාරීන් විසින් යොදමින් සිටියදී ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාගේ මේසය මත තිබුණු වීදුරු බෝතලයක් අතට ගෙන පොලොවේ ගසා එහිදී කැඩුණු වීදුරු කටුවකින් ගෙල කපාගෙන ඇති බව පොලීසිය කියයි.

    මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මොහුගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img