fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිසබය රැස්වීම ගැන තීරණයක්

    මැතිසබය රැස්වීම ගැන තීරණයක්

    පාර්ලිමේන්තුව ලබන සතියේ 4 වැනි අඟහරුවාදා පමණක් රැස්වීමට නියමිතයි.

    පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කළ බවය.

    ඒ අනුව පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වනදා පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා බව එම නිවේදනයේ සඳහන් වේ.

    අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

    ඉන්පසු  ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

    තවද 2023 අප්‍රේල් 18 සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වන අඟහරුවාදා සිට අප්‍රේල් 28 වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.