fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙන්වූ බිත්තර තාම වරායේ

    ගෙන්වූ බිත්තර තාම වරායේ

    පසුගියදා ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20 අද (27) පස්වරුව දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ බිත්තර තවමත් පරීක්‍ෂණ මට්ටමේ පවතින බවයි.

    එම බිත්තර තොගය පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගා වූ අතර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මීට දින දෙකකට පමණ පෙර පරීක්‍ෂණ සඳහා බිත්තර සාම්පල ලබාගත් බව ඔහු කීය.

    මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ සිට මෙම බිත්තර ආනයනය කෙරිණි.

    මෙම ආනයනික බිත්තර බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සදහා ලබාදීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේ ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.