fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පතිට කැබිනට්ටුවේ කැමැත්ත

    පොලිස්පතිට කැබිනට්ටුවේ කැමැත්ත

    වයස අවුරුදු 60 පිරීමත් සමඟ පසුුගිය 25 වෙනිදා පොලිස් සේවයෙන් විශ්‍රාමගත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තවත මාස 03ක කාලයක් පොලිස් සේවයේ රදවා ගැනිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලැබී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ඒ අනුව හෙට සිට නැවතත් සී.ඩී. වික්‍රමරත්න මහතා මාස තුනක කාලයක් පොලිස්පති ලෙස සේවයේ නිරතවනු ඇත.

    සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීම හේතුවෙන් ඊයේ සහ අද දිනයේ වැඩ බලන හෝ පොලිස්පතිවරයෙක් පොලිස් සේවය තුළ නොවීය.

    හෙට සිට නැවතත් සුපුරුදු ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිධූරයේ සේවයේ නිරතවනු ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.