තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙසැම්බරයට කලින් ඡන්දයක් - මහින්ද

    දෙසැම්බරයට කලින් ඡන්දයක් – මහින්ද

    ලබන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවට තමා අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    මේ මොහොතේ දී කණ්ඩායම් වශයෙන් බෙදී සිටියද මැතිවරණය අවස්ථාවේදී සියලුදෙනා එක්වම බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    එමෙන්ම පළාත් පාලන මැතිවරණය පමණක් නොව, ජනාධිපතිවරණය මහමැතිවරණය හෝ වේවා කුමන ආකාරයක මැතිවරණයක් පැවතියද තම පක්ෂය ඒ සඳහා සූදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img