තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී අද (27) උදෑසන පිහියකින් ගෙලට ඇන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහාකාරවරියක මරා දමා ඇත.
නෙටොල්පිටිය ,වැලිආර පදිංචි දීපශිකා ලක් රුවනි විජේදාස නැමැති 28 හැවිරිදි විවාහක කාන්තාවක් මෙසේ ඝාතනයකර තිබේ.
ඇගේ ගෙලට පිහියෙන් ඇන මරා දමා ඇත්තේ මෙවර පළාත් පාලන මැතිවරණයට තංගල්ලෙන් ඉදිරිපත්ව සිටින සජබ අපේක්ෂකයෙක් වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ඩැනී බේබි නැමැත්තා විසින් බව පොලීසිය කියයි.
ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටියදී සැකකරු ඔහුගේ නිවස අසල රැක සිට ඇයට පිහියෙන් ඇන ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.
සැකකරුව පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන වලින් හෙළිවී ඇත්තේ පොහොර ගැටළුවක් මුල්කරගෙන බවය. සැකකරු විසින් ඇගෙන් පොහොර ඉල්ලා ඇති බවත් පොහොර නොලැබීම හේතුවෙන් මෙසේ ඇයට පිහියෙන් ඇන ඇති බවත් පොලීසිය කියයි