තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක පාලනයට පාර පෙන්වන චීන- රුසියා හවුලක්!

    ලෝක පාලනයට පාර පෙන්වන චීන- රුසියා හවුලක්!

    රුසියාවේ නිල සංචාරයේ නිරත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මහතා සමග සාකච්ඡා පවත්වයි.

    එම හමුව ක්‍රෙම්ලින් මන්දිරයේ දී ඊයේ (21) පස්වරුවේ පැවැත්විණ.

    ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් මෙන් ම ලොව ප්‍රධාන දැවැන්ත රටවල් ලෙස, චීනය හා රුසියාව, ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ට සරිලන දිශානතිය කරා යොමුවන ගෝලීය පාලනයක් උදෙසා මාර්ගෝපදේශ ලබාදීමට පොදු ප්‍රයත්න දැරිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

    පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමේ කාර්යය  ද ඉදිරියට මෙහෙයවිය යුතු ය.

    එසේම, සිය කේන්ද්‍රීය ගැටලුවලට දෙපාර්ශ්වය එකිනෙකාට සහාය දැක්විය යුතු බව පැවසූ ෂී ජින් පිං මහතා, බාහිර බලවේග තම රටවල අභ්‍යන්තර කටයුතුවලට අනිසි බලපෑම් එල්ල කිරීම පොදුවේ වැළැක්විය යුතු බව ද පැවසීය.

    ජගත් සංවිධානය, ශැංහයි සහයෝගිතා සංවිධානය, බ්‍රික්ස් රටවල් සහයෝගිතා යාන්ත්‍රණය ඇතුළු  බහුපාර්ශ්වික රාමුව තුළ සම්බන්ධීකරණය තහවුරු කළ යුතු අතර, අධිපතිවාදයට විරුද්ධ විය යුතු බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

    එසේ ම, චීනය හා රුසියාව, බලශක්ති, සම්පත්, යාන්ත්‍රික හා විද්‍යුත් නිපැයුම් ඇතුළු ජාත්‍යන්තර වෙළඳාම තහවුරු කළ යුතු බව ද හෙතෙම කියා සිටී.

    කර්මාන්ත දාමය හා සැපයුම් දාමය වැඩිදියුණු කරමින් තොරතුරු තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මාන්තය හා සේවා වෙළඳාම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් පුළුල් කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.

    ව්ලැද්මීර් පුටින් මහතා එහිදී සඳහන් කළේ, රුසියානු-චීන වත්මන් සබඳතාව ප්‍රශස්ත අයුරින් වර්ධනය වී ඇති බවයි.

    සුපුරුදු පරිදි දෙරට අදහස් හුවමාරු ඔස්සේ  ආර්ථිකය, ආයෝජනය, බලශක්තිය, අභ්‍යවකාශ තාක්ෂණය හා දේශ සීමා හරහා භාණ්ඩ සැපයුම් සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතාවන් හි නව ප්‍රගතීන් අත්කර ගැනීම ඔහුගේ අපේක්ෂාවයි.

    තායිවාන ප්‍රදේශය, හොංකොං විශේෂ පරිපාලන කලාපය සහ ෂින් ජ්‍යං උයිගුර් ස්වායත්තය සම්බන්ධ ගැටළුවල දී චීනයේ ස්වෛරීත්වය හා ප්‍රතිලාභ ආරක්ෂා කිරීමට රුසියාව ප්‍රබල සහායක් ලබාදෙයි.

    චීනය විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය ආරක්ෂක පුලපිරුම, ගෝලීය සංවර්ධන මුලපිරුම මෙන් ම ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට ද රුසියාව සහාය දක්වයි.

    චීනය සමග ජාත්‍යන්තර සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට රුසියාව සූදානම් බව ද ව්ලැද්මීර් පුටින් මහතා කියාසිටී.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img