තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඹිලිපිටිය උසාවියේ තිබ්බ T-56කුත් අතුරුදන්

    ඇඹිලිපිටිය උසාවියේ තිබ්බ T-56කුත් අතුරුදන්

    නඩු භාණ්ඩයක් ලෙස ඇඹිලිපිටිය අධිකරණය භාරයේ තිබුණු ටී 56 වර්ගයේ ගිනි අවියක් අතුරුදන්වී තිබේ.

    ඒ ගැන ඇඹිලිපිටිය අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක්කර ඇත.

    මෙම ගිනි අවිය ගොඩකවෙල පොලිස් ස්ථානයට අයත් එකකි. වෙඩි තැබීමේ සිදුවීමකට අදාලව මෙම ගිනි අවිය අධිකරණය භාරයේ තිබී ඇත.

    නඩු විභාගය පවතින අතරතුර මෙම අවිය නැවත පොලීසියට නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝගයක් නිකුත්කර තිබී ඇත. ඊට අදාලව අවිය නිදහස් කිරීමට සොයා බැලීමේදී ගබඩාවෙන් අතුරුදන් වී ඇති බව හෙළිවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img