තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකා හොස්පිට්ල් - ටෙලිකොම් සමාගම්වල රජයේ කොටස් විකුණන්න කැබිනට් අනුමැතිය

    ලංකා හොස්පිට්ල් – ටෙලිකොම් සමාගම්වල රජයේ කොටස් විකුණන්න කැබිනට් අනුමැතිය

    ලංකා හොස්පිට්ල් පීඑල්සී සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවය.

    මේ අතර ලංකා හොස්පිට්ල් පීඑල්සී විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

    ලංකා හොස්පිට්ල් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img