fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්Sport Chain App ඇතුළු තහනම් පිරමීඩ ක්‍රම 3කට මහබැංකුවෙන් නඩු

    Sport Chain App ඇතුළු තහනම් පිරමීඩ ක්‍රම 3කට මහබැංකුවෙන් නඩු

    මෙරට තුළ ක්‍රියාත්මක පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු කටයුතු පවරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

    ඒ මෙම තහනම් යෝජනා ක්‍රම පිළිබඳ මහජන පැමිණිලි විශාල ප්‍රමාණයක් මහ බැංකුව වෙත ලැබීමෙන් පසුව සිදුකළ විමර්ශනයකින් පසුවයි.

    ඒ අනුව Fast 3 Cycle International Pvt Ltd, Sport Chain App, Sport Chain ZS Society Sri lanka, Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රමවලට එරෙහිව මහබැංකුව විසින් මෙලෙස නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

    එම ආයතන 3 සහ ඊට සම්බන්ධ පාර්ශ්වයන් විසින් බැංකු පනතේ 83 ඇ වගන්තියට පටහැනිව ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ විමර්ශනයක් සිදු කර තිබුණි.

    මෙම විමර්ශන වාර්තාවන්ට අනුව ඉහත සඳහන් ආයතන තුන සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83 ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බව තීරණය කරන ලදී.

    ඒ අනුව බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇත.

    1988 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝණය කරමින් මෙම පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක වී ඇති බවට අනාවරණය වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.