fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විෂ බැක්ටීරියා ඇත්දැයි සොයන්න ආහාර- ජල සාම්පල් ගැනීම අරඹයි

    විෂ බැක්ටීරියා ඇත්දැයි සොයන්න ආහාර- ජල සාම්පල් ගැනීම අරඹයි

    එරත්න , නල්ලතන්නිය , නුවරඑළිය ප්‍රදේශ ආශ්‍රිතව ආපනශාලා ආදියෙහි ජල සාම්පල් ලබා ගැනීම, ආහාර සාම්පල් ලබා ගැනීම හා නැවතත් වෙළඳසල් පරීක්ශා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් විසින් ආරම්භ කර තිබේ.

    එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වසංගත රෝග ආවේක්ශණ කටයුතු අඛණ්ඩව සිදුකරණ බව ඔවුහු නිවේදනය කර සිටී.

    පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 10 දෙනෙක් දැනට රෝගී වී ඇති බවට වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

    ඒ අනුව මරණයට හේතුව මෙතෙක් නිෂ්චිතව තහවුරුවී නොමැති වුවත් රෝග ලක්ෂණ අනුව ආහාර විෂවීමක් හෝ බැක්ටීරියා ආසාදනයක් විය හැකි බවට සැක කරන බව ඔවුහු පෙන්වා දෙති.

    ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන් හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කර ඇති ආහාර පමණක් ලබා ගැනිමට සැලකිලිමත් වන්න.

    මේ සම්බන්ධයෙන් කලබල වියයුතු නොමැති අතර යම් අවධානමක් ඇත්නම් සෞඛ්‍ය අංශ විසින් මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග ගනු ලැබේ.

    එරත්න මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් ආහාර හා ජල සාම්පල් ලබාගන්නා අයුරු පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.