චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියේ දී එක්වන රුසියානු නිල චාරිකාව, මිත්‍රශීලී සහයෝගිතාවයෙන් යුතු, සාමකාමී සංචාරයක් බව චීනය කියයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේ ය.
චීන ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ ඇරයුමකට අනුව, ලබන 20 – 22 වැනි දා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.
ද්විපාර්ශ්වික සබඳතාව සහ පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ගැටළු සම්බන්ධයෙන් නායක දෙපළ එහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගනු ඇත. උපායමාර්ගික හා ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීම තුළින්, දෙරට සබඳතාවට මනා ගාමක බලයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද Wang Wenbin මහතා පවසයි.