තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහරාන්ගේ බිරිඳට ඇප

    සහරාන්ගේ බිරිඳට ඇප

    පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ බව කියන මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබේ.

    ඒ කල්මුණේ මහාධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුවයි.

    ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඇය අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටියේය.

    සැකකාරිය රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත.

    ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවීම තහනම් කර ඇත.

    එම නඩුව අද (15) කල්මුණේ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img