fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් 5ක දොස්තරලා අද වර්ජනයේ

    පළාත් 5ක දොස්තරලා අද වර්ජනයේ

    තවත් පළාත් 5ක වෛද්‍යවරුන් වැඩ වර්ජනය සඳහා එක්ව තිබේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම රෝහල්වලද අද උදැසන 8.00 සිට අනිද්දා (15) උදැසන 8.00 දක්වා පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

    බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල ඊයේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.

    එම පළාත්වල රෝහල්වල කටයුතු අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.