fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු සතියේ ඇමරිකාවේ බැංකු 3ක් බංකොළොත්

    ගෙවුණු සතියේ ඇමරිකාවේ බැංකු 3ක් බංකොළොත්

    ඇමරිකා එක්සත් ජනපදයේ බැංකු පද්ධතියේ මේ වනවිට විශාල කඩාවැටීමක් පෙන්වන අතර ඊයේ (12) සවස වනවිට එරට තුළ ප්‍රධාන පෙළේ බැංකු තුනක් කඩාවැටීමට ලක්ව තිබේ.

    ඒ අනුව ප්‍රථමයෙන්ම සිලිකන් වැලි හී පිහිටි නව තාක්ෂණික සමාගම්වලට මූල්‍ය පහසුකම් සැපයූ සිලිකන් වැලී බැංකුව ද ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධ ගණුදෙනු සිදුකළ සිල්වර්ගේට් බැංකුව කඩා වැටුණි. පසුව නවතම කඩා වැටීම නිව්යෝක් හී සිය මෙහෙයුම් මූලික කරගත් සිග්නේචර් බැංකුවද ඊයේ දිනයේදී කාඩා වැටීම ලක්විය.

    මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ඇමරිකානු එක්සත් ජනපද බලධාරීන් විසින් සිග්නේචර් බැංකුවේ මෙහෙයුම් ඉරිදා දිනයේදී නවතා දැමීමට පියවරගෙන තිබිණි.

    නිව්යෝර්ක් ප්‍රාන්තයේ මූල්‍ය සේවා දෙපාර්තමේන්තුවට අනුව, පසුගිය වසර අවසානයේදී ඩොලර් බිලියන 110.36 වත්කම් සහ ඩොලර් බිලියන 88.59 තැන්පතු තිබූ සිග්නේචර් බැංකුවේ පාලනය ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව විසින් ඉරිදා දිනයේදී අත්පත් කර ගන්නා ලදී.

    මෙලෙස පාලනය අත්පත් කරගැනීමට හේතුවූයේ බැංකුවල මුදල් තැන්පත් කළ ජනතාවගේ තැන්පතු ආරක්ෂා කිරීමේ පදනමිණි.

    සිග්නේචර් බැංකුවේ කඩාවැටීමට සිලිකන් වැලී බැංකුවේ කඩාවැටීමද එක් ආකාරයක් බලපා ඇති අතරම සිල්වගේට් බැංකුවේ කඩාවැටීමද එක් අංශකෙින් හේතුවී ඇත. මෙහිදී පසුගිය කාලයේදී ක්‍රිප්ටෝ මුදල් වල ඇති වූ දැඩි කඩා වැටීමත් සමඟ ඊට අවශ්‍ය මූල්‍ය පහසුගම් සැපයූ සිල්වගෙට් බැංකුව දැඩි පාඩුවල් අත්විදි අතර ඊට සමාන බලපෑමක්ද ඇති වී තිබිනි.

    මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ එක්සත් ජනපදයේ බැංකු පද්ධතිය ස්ථාවර කිරීමට වහාම පියවරගෙන ගන්නා ලෙසට අදාල බලධාරීන් හට උපදෙස් ලබාදී ඇති බවයි.
    කෙසේවෙතත් මේ තත්ත්වයත් සමඟ ගෝලීය මූල්‍ය වෙළෙඳ පොලේද යම් අවිනිෂ්චිත භවක් නිර්මාණය වී ඇති අතර 2008 වර්ෂයෙන් පසු ඇමරිකානු බැංකු පද්ධතියේ ඇති වූ දරණුතම කඩාවැටීමටද මෙය වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.