fbpx
තවත්
    මුල් පිටුවspecialනව යෞවනයට ටික්ටොක් සීමාවෙයි

    නව යෞවනයට ටික්ටොක් සීමාවෙයි

    ටික්ටොක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය විසින් වයස අවුරුදු 18 අඩු පරිශීලකයින් එය භාවිතා කරන කාලය පැයකට සීමා කරමින් නව විශේෂාංග කීපයක්ම හඳුන්වා දී ඇත.

    ඒ අනුව ටික්ටොක් හී හිමිකාර සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් පැයකට අධික කාලයක් ටික්ටොක් පරිශිලනය කරන්නේ නම් ස්ව්‍යං ක්‍රීයවම එය අක්‍රිය වනු ඇති බවයි.

    නව සීමා කිරීම් යෞවනයන්ගේ යහපැවැත්ව වැඩිදියුණු කිරීමට අදහස් කරමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම සඳහන් කරයි.

    යම් ආකාරයකින් මෙම පිරිසට පැයකට වැඩි කාලයක් ටික් ටොක් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ නම් ඊට අදාලව මුර කේතයක් ඇතුළත් කිරීමට සිදුවනු ඇති අතර, එමගින් කාලය දීර්ඝ කිරීමට හැකියාවක් පවතින බවද ටික්ටොක් සමාගම සඳහන් කරයි.

    ඒ අනුව යම් පරිශීලකයෙකු අදාල කේතය ඇතුලත් කර මිනිත්තු 100කට වැඩි කාලයක් ටික්ටොක් භාවිතා කරන්නේ නම් ඔහුට නව කාලයක් සකස් කිරීමට සිදුවනු ඇති.
    කෙසේවෙතත් ටික්ටොක් විසින් වයස අවුරුදු 18ට අඩු පිරිස් සඳහා සෑම සතියකදීම ඔවුන් ටික්ටොක් භාවිතා කළ කාලසීමාවන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලබාදීමටත් සැලසුම්කර ඇත.

    මේ අතර වයස අවුරුදු 18 අඩු පිරිස් හට ඔවුන්ගේ ටික්ටොක් භාවිතා කරන කාලය සීමා කිරීමට වැඩිහිටියන් හැකියාව හිමිවේ. එහිදී වැඩිහිටියන් හට දිනකට ටික්ටොක් භාවිතා කළ හැකි කාලයත් සතියකට භාවිතා කළ හැකි කාලයක් තිරණයක කිරීමට හැකියාවක් ලබාදීමට සැලසුම්කර ඇත.

    එමෙන්ම මෙම බලාවයස්කරුවන් ටික්ටොක් භාවිතා කර ඇති ආකාරය සම්බන්ධයෙන් වැඩිහිටියන්ට තොරතුර ලබාගැනීමට හැකියාව ලබාදීමටද කටයුතු කර තිබීම විශේෂත්වයකි. 

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.