fbpx
තවත්
    මුල් පිටුවspecialරුසියාවට එරෙහි යුද්ධය ගැන නේටෝ මහලේකම්ගේ ආන්දෝලනාත්මක අනාවරණය

    රුසියාවට එරෙහි යුද්ධය ගැන නේටෝ මහලේකම්ගේ ආන්දෝලනාත්මක අනාවරණය

    රුසියාවට එරෙහි යුද්ධය ආරම්භ වූයේ 2014 වර්ෂයේදී බව නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටෙන්බර්ග් පළමු වරට අනාවරණය කළේය.

    නේටෝ මහලේකම් ස්ටෝල්ටෙන්බර්ග් මෙම අනාවරණය කලේ ඉකුත් පෙබරවාරි 18 වැනිදා මියුනිච් ආරක්ෂක සම්මන්ත්‍රනයේ සිදු කළ සාකච්ඡාවක් අතරතුරදීය.

    එහිදී ස්ටෝල්ටෙන්බර්ග් අනාවරණය කර සිටියේ නේටෝ සංවිධානය විසින් ඉතා සූක්ෂම රුසියාව එරෙහිව යුද කිරීමට කටයුතු කළ බවත් ඊට අදාලව යුක්‍රේන හමුදාවන් 2014 වර්ෂයේ සිට පුහුණ කළබවත්ය.

    ″ මුලින්ම, ජනාධිපති පුටින් මෙම යුද්ධය ජය නොගත යුතුය. ලොව පුරා සිටින නේටෝ සමාජිකයින් සහ හවුල්කරුවන් යුක්රේනයට මෙතරම් සහයෝගයක් ලබාදී ඇත්තේ එබැවිනි, මන්ද රුසියාවේ ජයග්‍රහනය යුක්රේනියානුවන්ට ඛේදවාචකයක් වනු ඇත, නමුත් එය අපට අතිශයින්ම භයානක වනු ඇත.″

    ″මොකද එතකොට සන්නිවේදනය වන පණිවිඩය තමයි බලය පාවිච්චි කළාම පුටින්ට ඕන දේ ලැබෙනවා කියන එක. මෙය යුරෝපීය අභියෝගයක් පමණක් නොවේ, මෙය ගෝලීය අභියෝගයක්. මම මෑතකදී නේටෝවේ සමීප ආධාරකරුවන් දෙදෙනෙකු වන දකුණු කොරියාවට සහ ජපානයට ගිය අතර, ඔවුන් යුරෝපයේ සිදුවෙමින් පවතින දේ සහ ආසියාවේ සිදුවෙමින් පවතින හා සිදුවිය හැකි දේ අතර සම්බන්ධයක් දකිනවා.″
    ″යුද්ධය ආරම්භ වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී නොවේ, එය ආරම්භ වූයේ 2014 දී ය. තවද 2014 සිට අපි අපගේ සාමූහික ආරක්ෂාවේ විශාලතම ශක්තිමත්ව කිරීම ක්‍රියාත්මක කර තියෙනවා. ඒ වගේම ආරක්ෂක වියදම් වැඩි කළා. අපි මේ වසරේ විල්නියස්හිදී මුණගැසෙන විට එම පණිවිඩය නැවත තහවුරු කරන බව මට සම්පූර්ණයෙන්ම විශ්වාසයි.″ යනුවෙන්ද ස්ටෝල්ටෙන්බර්ග් එහිදී පැවසීය.

    ″ 2014 සිට නේටෝ මිත්‍ර පාක්ෂිකයින් යුක්‍රේනයට පුහුණුව ලබා දී උපකාර කර ඇත. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ වෙනත් අය, 2014 සිට සැලකිය යුතු පුහුණුවක් සහ ධාරිතා වර්ධනයක් සහ උපකරණ ලබා දුන් අතර එයින් අදහස් කරන්නේ යුක්‍රේන හමුදාව වඩාත් ශක්තිමත්, වඩා හොඳින් සන්නද්ධ, වඩා හොඳ පුහුණුවක් ලබා ඇති බවයි. ඔවුන් 2014 ට වඩා පසුගිය වසරේ වඩා හොඳින් නායකත්වය ලබා ඇත. යුක්රේනය සඳහා හවුල්කාරිත්වය සහ සහයෝගය වේගවත් කිරීමට නේටෝ සමුළුවේදී අපි එකඟ වූයේ රුසියානු ආක්‍රමණයට ගොදුරු විය හැකි අයට සහාය වීම හදිසි අවශ්‍යතාවයක් වන බැවිනි.″ යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසයී.

    නේටෝ සංවිධානයේ මෙම ප්‍රකාශත් සමග ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉතා සැලසුම් සහගතව රුසියාවට එරෙහිව යුධ වැදීම සිදුකරමින් පවතින අතර එය තෙවන ලෝක සංග්‍රාමයක් දක්වා වර්ධනය වීමක් සිදුවීමට ඉඩ පවතින බවට ඇතැම් විශ්ලේෂකයින් පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.