fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර පාරෙන් ගෙනා රන් සමඟ ව්‍යාපාරික කතුන් දෙකක් CIDයට කොටු

    හොර පාරෙන් ගෙනා රන් සමඟ ව්‍යාපාරික කතුන් දෙකක් CIDයට කොටු

    නීති විරෝධි ලෙස ඉන්දියාවේ සිට රැගෙන ආ රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් ඇති රන් ග්‍රෑම් 315ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු ගුවන් මගීන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි මෙම ගුවන් මගීන් තිදෙනා අතර සිටින කාන්තාවන් දෙදෙනා ව්‍යාපාරිකයන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මෙම කාන්තාවන් දෙදෙනා මහර කඩවත , සහ කඩවත බියන්විල පදංචිකාරියන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අය අවුරුදු 37 සහ 35 යන වයස්වල පසුවන්නියන්ය.

    තුන්වැන්නා වයස අවුරුදු 31ක් වන කොළඹ 02 වොක්ෂෝල් වීදියේ පදිංචිකරුයෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.