fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහා රෑ නිවසකට කඩා වැදී කතක් දූෂණයකර කරාබු යුවල කොල්ලකයි

    මහා රෑ නිවසකට කඩා වැදී කතක් දූෂණයකර කරාබු යුවල කොල්ලකයි

    මහා රෑ නිවසකට ජනේලයකින් රිංගා කාන්තාවක් දූෂණයකර ඇගේ කනෙහි පැලද සිටි කරාබු යුවල ඇතුළු මුදල් හා දේපොල කොල්ලකා පළාගිය මත්ලෝලීන් දෙදෙනෙකුව ඌරගස්මංහන්දිය පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

    ඌරගස්මංහන්දිය, කොරකීය ප්‍රදේශයේ බණ්ඩාරවත්තේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකට මෙම අපරාධය සිදුව ඇත්තේ පසුගිය 22 වෙනිදා රාත්‍රී 11.00ට පමණය. විවාහක තැනැත්තියක් වන ඇය සිය සැමියාගෙන් වෙන්ව තනිවම ඇගේ මහ ගෙදර ජීවත්වන තැනැත්තියක් බව පොලීසිය කියයි.

    ඇය පදිංචිව සිටි නිවසට 22 වෙනිදා රාත්‍රී කාලයේ ජනේලයෙන් ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනා ඇයට පිහියක් පෙන්වා බිය ගන්නා දූෂණයකර තිබේ. අනතුරුව ඇගේ කනෙහි පැලද සිටි කරාබු ජෝඩුවත්, ජංගම දුරකතන දෙකක් සහ රුපියල් 7,000ක මුදලක්ද රැගෙන කොල්ලකරුවන් දෙදෙනා පළාගොස් තිබේ.

    මේ ගැන ඌරගස්මංහන්දිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුව දෙදෙනාව අද අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලකෑ කරාබු දෙකද සමගිනි. එම කරාබු දෙක තිබී ඇත්තේ ඌරගස්මංහන්දියේ පිහිටි ජුවලරියකට රුපියල් 13,000කට විකුණා දමාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.