තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනියම් බිරියගේ කුඩා දියණිය දූෂණය කළ බැංකු සේවකයා කොටුවේ

    අනියම් බිරියගේ කුඩා දියණිය දූෂණය කළ බැංකු සේවකයා කොටුවේ

    සිය අනියම් බිරිඳ නිවසේ නොසිටි අවස්ථාවන් බලා ඇය පදිංචි නිවසට ගොස් ඇගේ 13 හැවිරිදි දියණියව‍ෙ දූෂණය කළ රාජ්‍ය බැංකු සේවකයෙකුව මාතර පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

    මාතර ඌරුගමුවේ පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි බැංකු සේවකයා මෙම දියණියව අවස්ථා 07කදීම දූෂණයකර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

    මෙම දැරිවියගේ පියා යුදහමුදාවේ සේවයේ නිරතව සිටින්නෙකි. සිව් වසරක් තිස්සේ ඔහු සිය බිරිඳගෙන් වෙන්වී ජීවත්වන බව පොලීසිය සඳහන් කළේය.

    දැරිවියගේ පියා ඉද හිට නිවසට පැමිණ දියණියගේ සුවදුක් විමසා බලන බව පොලීසිය කියයි. ඔහු දියණියගේ සුවදුක් විමසීමට ඊයේ පැමිණි විට මවගේ අනියම් සැමියාගෙන් තමාට කරදර සිදුවන බව පියාට හඩමින් පවසා ඇත. ඒ අනුව පියා ඇයව පොලීසියට රැගෙන විත් ඒ ගැන පැමිණිලිකර තිබේ.

    එම පැමිණිල්ලට අනුව විමර්ශනයක් පවත්වා ඇගේ මවගේ අනියම් සැමියා වන බැංකු සේවකයාව අත්අඩංගුවට ගැනීමට මාතර පොලීසිය පියවර ගත්තේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img