පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු අද (21) පාර්ලිමේන්තු සභා ගැබේ විරෝධතාවක් දියත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 9.30 දක්වා කල් තැබීමට කථානායකවරයා පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද සිට පෙබරවාරි 24 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය අද පෙරවරු 9.30ට ආරම්භ විය.
අද පාර්ලිමේන්තු සැසියේදී පනත් කෙටුම්පත්වලට අදාළ නියෝග කිහිපයක් පිළිබඳ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබුණි.