ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ඉල්ලුම් කිරීමේදී ශ්‍රී ලංකාවට චීනයේ අපනයන-ආනයන බැංකුව සහාය දක්වන බව චීනය පවසයි.
ඒ අතරම බැංකුව විසින් වාණිජ ණය හිමියන් (ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් ඇතුළුව) සමානව සංසන්දනාත්මක ආකාරයකින් ණය ප්‍රතිකාර ලබා දෙන ලෙස අඛණ්ඩව ඉල්ලා සිටී.
ඊට අනුරූප දායකත්වයක් සැපයීම සඳහා තම උපරිමය කිරීමට බහුපාර්ශ්වික ණය හිමියන් දිරිමත් කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් සඳුදා (20) ප්‍රකාශ කළේය.
ණය ප්‍රතිකාරය ක්‍රියාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ මූල්‍ය ආයතනවලට චීනය අඛණ්ඩව සහාය දක්වන බව ඔහු කීයා සිටී.
“චීනයේ අපනයන-ආනයන බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය ණය තිරසාරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපියක් ලබා දී තියෙනවා. එම ලිපියේ සඳහන් වන්නේ බැංකුව 2022 සහ 2023 දී ගෙවිය යුතු ණය සේවාවේ දිගුවක් ලබාදෙන බවයි. ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ පීඩනය සමනය කිරීම සඳහා ඉහත සඳහන් කාල සීමාව තුළ බැංකුවේ ණය සඳහා මූලික හා පොලී ගෙවීමට සිදු වන්නේ නෑ.” ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය.
විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින්ට අනුව, මෙම කාලසීමාව තුළ මධ්‍යම හා දිගුකාලීන ණය ප්‍රතිකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලී උපදේශනයක් පැවැත්වීමට චීනයේ අපනයන-ආනයන බැංකුව එකඟ වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට දායක වීමට බැංකුව උපරිම උත්සාහයක් දරනු ඇත.