රහස් පොලීස් වෙසින් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල් ජාලයක හිමිකරුවෙකුව පැහැරගෙන ගොස් නිවසක සිරකර තබාගනිමින් රුපියල් ලක්ෂ 70ක කප්පමක් ලබාගැනීමකට සම්බන්ධ මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් කප්පම් වශයෙන් ගත් සියළු මුදල් සමඟ අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අද (20) සමත් විය.
මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලියේ පදිංචිකරුවන්ය. සෙසු සැකකරුවන් තිදෙනා මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් සහ ආමර්වීදියේ පදිංචිකරුවන්ය. ඒ අතර ත්‍රීරෝද රථ රියදුරෙක්ද සිටියි.
මෙම පස් දෙනාම පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ මිතුරන්ය.
මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ව්‍යාපාර මේ දිනවල පාඩු ලැබීම හේතුවෙන් සිය මිතුරාව පැහැරගෙන ගොස් කප්පමක් ගැනීමට සැළසුම්කර ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
කඩවත පිහිටි වාහන කුළියට ලබාදෙන ස්ථානයකින් කුලියට ගත් වෑන් රථයකින් මෙම පැහැරගැනීම සිදුකර තිබේ. එම වෑන් රථයද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.
කොළඹ 12 මැසෙන්ජර් වීදියේත්, මහනුවරත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථාන කිහිපයකම හිමිකරුවෙක් වන එම්.එස්.එම්. මුෆිතික් නැමැති 34 හැවිරිදි මෙම ව්‍යාපාරිකයාව මෙසේ පැහැර ගැනීමට ලක්වන්නේ ඇත්තේ පසුගිය 10 වෙනි දාය. සිකුරාදා පල්ලියට යමින් සිටියදී පැහැරගැනීමට ලක්වූයේ ග්‍රෑන්පාස් හී මාකස් පල්ලිය ආසලදී බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට පැමිණ මෙම ව්‍යාපාරිකයා පැමිණිලිකර ඇත්තේ පසුගිය 15 වෙනිදාය. තමා මෙතෙක් දිනක් පැමිණිලි නොකලේ පොලීසියට පැමිණිලි නොකරන ලෙස කළ තර්ජනයට බියෙන් බවද ඔහු පවසා තිබුණි.
මෙම ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත්තේ යතුරු පැදියකින් තමා ගමන් කරමින් සිටියදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් මඟ හරස්කර තමන් රහස් පොලීසියේ යැයි පවසා අසල තිබුණු කුඩා වෑන් රථයකට තමාව නන්වාගත් බවය. එම වෑන් රථයේ රියදුරු ඇතුළු තවත් තිදෙනෙක් සිටි බවත් ඒ අය තමාව වෑන් රථයට නන්වාගත් පසු දෑස් බැද රැගෙන ගොස් නිවසක සිරකරගෙන සිටි බවය. පිහියක් සහ ගිනි අවියක් පෙන්වමින් තමාට තර්ජනය කරමින් ලක්ෂ 100ක කප්පමක් ඉල්ලා සිටි බව ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත. පසුව එම මුදල ලක්ෂ 90 දක්වාත් ලක්ෂ 70 දක්වාත් අඩුවූ බව ඔහු පැවසීය.
එතරම් මුදලක් එම අවස්ථාවේදී තමා සතුව නොවූ බැවින් මිතුරෙකුට ඇමතුමක් ලබාදෙමින් එම මුදල සූදානම්කරගත් බව ද ඔහු පොලීසියට පවසා ඇත. එම මුදල කප්පම්කරුවන් විසින් ලබාගෙන ඇත්තේ තොටලඟ යම් ස්ථානයක් වෙත මුදල් රැගෙන එන්නැයි පවසා ය. එම මුදල් පාර්සලය එතැන තබා යන ලෙස මිතුරාට පවසා ඇති බවත් පසුව කොල්ලකරුවන් එතැනින් එම මුදල් පාසර්සලය ලබාගෙන ඇති බවත් පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාත් මුදල් ලබාදුන් ව්‍යාපාරිකයාගේ මිතුරාත් පවසන කරුණු වලින් පෙනී යන බව පොලීසිය කියයි.
මෙම ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමාව ඔවුන් මුදා හැරියේ දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගනය අසලින් බවය.
විමර්ශන වලින් හෙළිවී ඇත්තේ ග්‍රෑන්පාස් හී පදිංචි මැණික් ව්‍යාපාරිකයාගේ නිවසේ මෙම පැහැරගත් ව්‍යාපාරිකයාව සිරකරගෙන සිට ඇති බවය.