තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුරිරු ලෙස බලු පැටවු කාරයට යටකරන් ගිය තරුණිය අත්අඩංගුවට

    කුරිරු ලෙස බලු පැටවු කාරයට යටකරන් ගිය තරුණිය අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ජාල කැළඹූ සමාජයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් කුඩා බලුපැටවුන් දෙදෙනෙක් මෝටර් රථයකට යටකරමින් ධාවනය කළ මෝටර් රථය හඳුනා ගැනීමට පොලීසිය අද සමත්වුනා.

    මෙම මෝටර් රථය පදවා තිබුණේ 23 හැවිරිදි තරුණියක්. ඇය උපාධිධාරිනියක්ද වෙනවා. ඇය ජීවත්වන්නේ පදියපැලැල්ලේ. ඇගේ සැමියා ඒ පැත්තේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක්. මේ දෙදෙනා අතර විවාහය සිදුවෙලා තාම සතියක්වත් නැති බවයි කියැවෙන්නේ.

    මෙම තරුණියව අද පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ මතුරට පොලීසියේ නිලධාරීන්. ඇයව අත්ඩංගුවට ගන්නේ සත්ත්ව හිංසා පනතේ ප්‍රතිපාදන වලට අනුවයි.

    මෙම අනතුර සිදුවෙලා තිබුනේ පසුගිය 18 වෙනිදා සවස 5.00ත් 515ත් අතර කාලය තුලයි. පදියතලාව හරහා නුවරඑළියට ගමන් කිරීමට ඇති මාර්ගයේ කදුරකඩේ හරියේදී තමයි මෙම අනතුර සිදුවෙලා තිබුණේ.

    මෙම 23 හැවිරිදි තරුණියට සිය සැමියා සමඟ ජීවත්වීමට නිවාස දෙකක් තියෙනවලු. ඒ එක් නිවසක් තියෙන්නේ රිකිල්ලගස්කඩවල. අනිත් නිවස තියෙන්නේ මතුරට පොලීසිය කිට්ටුව පාතකයි. මතුරට නිවසට ගිහින් රිකිල්ලගස්කඩවල පිහිටි නිවසට යමින් ඉන්නකොටයි මෙම බලුපැටවුන් දෙදෙනාව මෙයා පදවාගෙන ගිය මෝටර් රථයේ යටවී ඇත්තේ. ඇය කියන්නේ ඉස්සරහින් ආපු බස් එක නිසයි පාරේ අයිනේ නවත්තල තිබ්බ වාහන ටික නිසයි එයා බලුපැටියව දැක්කේ නැහැ කියලයි. ඒත් ඇය බොරැවක් කියන්නේ කියල ආරක්ෂක කැමරා පරීක්ෂා කරනකොට පොලීසියට පෙනී ගිහින් තියෙනවා. හැබැයි ඒ වෙලාවේ නම් මේ දේවල් මේ දේවල් වීඩියෝගත වෙලා තිබ්බ කැමරාව තියෙන ගෙදර මරණයක් සිදුවෙලා තියෙනවා. ඒ නිසා ඒ ගේ අසල වාහන කිහිපයක් නම් නවත්තල තිබුලා. හැබැයි ඒ හැම වාහනයක්ම පාරේ අයිනටම වෙන්න සුදු ඉරිනුත් මෙහාටයි නවත්තල තිබිල තියෙන්නේ. ඒ නිසා ඇයට එක එක කතා කියල බේරෙන්න පොලීසිය ඉඩදීල නැහැ. ඒ අය ලොකු ලොකු අයව දැනගෙන හිටියත් පොලීසිය ඒ ගැන තැකීමකුත් කරල නැහැ. අල්ලා උසාවියටත් ඉදිරිපත්කරල තියෙනවා. ඒ වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට. මෙහිදී ඇය අධිකරණය හමුවේ ඇය අතින් වැරැද්දක් වූ බව පිළිගත්තා. ඇය කියන්නේ පළමු බලුපැටියව යටවුනාම ඇයට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා කියලයි. ඒ වෙච්ච කලබලයට වාහනේ ඉදිරියට ධාවනය කලා කියලයි ඇය කියන්නේ.

    කොහොම උනත් අධිකරණය ඇයට රුපියල් ලක්ෂය ශරීර ඇපයක් මත මුදා හැරිය. පොලීසිය කීවේ නම් සත්ත්ව හිංසා පනතින් ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

    මෙහිදී තවත් කාරණාවක් එළියට ආවා. ඒ තමයි එදා ඒ බලුපැටවු දෙන්න පාරේ මැරිල ඉන්නකොට එම පැටව් දෙන්න දිහා දුකෙන් බලාගෙන හිටියේ බලු අම්මා නෙමෙයි. මේ පැටව් දෙන්න මේ තැනට කවුරුහරි නරුමයෙක් සති දෙක තුනකට පෙර ගෙනත් දාලයි තිබිල තියෙන්නේ. මේ බලු පැටවුන්ගේ ආරක්ෂකයා වෙලා තියෙන්නේ මේ බලු තඩියයි. අහල පහල ගෙවල්වලින් දෙන දෙයක් කාල ජීවත්වන මෙම බලුපැටව් දෙන්නාව මෝටර් රථයෙන් යටකර ගිය එක ගැන එම පැටව් දෙන්නට වගේම එතැන හිටපු අනිත් බලුතඩියට කන්න බොන්න දෙන උදවියට නම් ඇතිවුනේ ලොකු වේදනාවක්. ඒ නිසයි ඒ අය මෙම වාහනය ගැන සහ අනතුර ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් ලබාදී තිබුනේ. ඒ නිසාම තමයි සමාජයේ මෙවන් අපරාධ ගැන දැඩි කථාබහක් ඇතිවුනේත්. ඒ විතරක් නෙමෙයි. මේ අපරාධයට සම්බන්ධ තරුණියව පවා අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදුවන්නේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img