තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ප්‍රශ්න ඇතිකරන්නෙක් වෙන්න එපා" -චීනය නේටෝවෙන් ඉල්ලයි

    “ප්‍රශ්න ඇතිකරන්නෙක් වෙන්න එපා” -චීනය නේටෝවෙන් ඉල්ලයි

    සීතල යුදමය චින්තනය අතහැර දමා, ගැටළු ඇති කරන්නෙකු නොවී ලෝක සාමය හා ස්ථාවරත්වය උදෙසා ක්‍රියාකරන ලෙස චීනය නේටෝ සංවිධානයෙන් ඉල්ලා සිටී. යුක්‍රේන අර්බුදය පිළිබඳව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ, ඊයේ (17) පැවති විවෘත රැස්වීමේ දී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.

    යුක්‍රේන අර්බුදය ප්‍රධාන වශයෙන් යුරෝපීය ආරක්ෂක ගැටුම්වල දරුණු පිපිරීමකි. සීතල යුද්ධයෙන් පසු නේටෝ සංවිධානය නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම එහි සාධකයක් බව හෙතෙම පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ධජය යට එක්සත්ව, සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කරන ලෙසත්, නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කරන ලෙසත් චීනය සාමයට ළැදි සියලු රටවලින් ඉල්ලා සිටී. එමෙන්ම, පොදු ආරක්ෂාව හා පොදු සංවර්ධනය තහවුරු කරමින්, පොදු අනාගතයක් නිර්මාණය කරන ලෙසත් චීනය එම රටවලින් ඉල්ලා සිටින බව ද චං ජුන් මහතා  පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img