fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"225ම දියවන්නාවට දාන එකට මම එකඟයි.. හැබැයි ඔවුන් පත්කරපු අයත් ඔයට දාන්න...

    “225ම දියවන්නාවට දාන එකට මම එකඟයි.. හැබැයි ඔවුන් පත්කරපු අයත් ඔයට දාන්න ඕනේ”

    ලබන 22 – 23 වනවිට ඉන්දියාවේ බැංගලෝරයේදී පැවැත්වෙන G20 මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමේදී ඇතිවන තත්ත්වය පිළිබඳ සැළකිල්ලෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    චීනය ඇතුළු රටවල් ගණනාවක මුදල් ඇමතිවරු ඊට රැස්වන අතර අද හෝ හෙට එහි නිලධාරීන්ගේ රැස්වීම් ආරම්භ වන බැවින් මෙම සාකච්ඡා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම සම්බන්ධයෙන් වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මාර්තු වනවිට ධනාත්මක ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවති එකඟතා අනුව අවසාන වශයෙන් රජය විසින් විදුලි බිල වැඩිකිරීම සිදුකළ බවත් දැන් එම පාර්ශ්වයෙන් කටයුතු සිදුවන ආකාරය අපේක්ෂාවෙන් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

    “ශ්‍රී ලංකාව ඉතා අසාමාන්‍ය ආර්ථික තත්ත්වයක ඉන්නේ. එයින් මිදිය යුතුයි…අපි හැමෝම ගෙවන්නේ පෙර පව්.” යැයි ද ජනාධිපති කියාසිටියේය.

    “සමහරු කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දියවන්නා ඔයට දාන්න ඕන කියලා. මමත් ඒකට එකඟයි. හැබැයි ඊට කලින් ඒ අයව පත්කරපු අයත් ඔයට දාන්න ඕනේ.” යැයි ද ජනාධිපතිවරයා මෙහිදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.