පළාත් පාලන මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාඇති තැපල් ඡන්ද හිමියන් සඳහා විශේෂ උපදෙස් පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
තැපැල් ඡන්දය තම සේවා ස්ථානවලදී ලබන 22, 23 සහ 24 යන දිනවල සලකුණු කිරීමට හැකියාව ඇත.
යම් හෙයකින් එම දින තුනේදී තමන්ගේ ඡන්ද ඡන්දය සලකුණු කිරීමට නොහැකිවුවහොත් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
පළාත් පාලන මැතිවරණය ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතය.