තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය වාර කිහිපයක් අවලංගු වෙයි

    දුම්රිය වාර කිහිපයක් අවලංගු වෙයි

    අද(13) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සේවා කිහිපයක් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි.

    ඒ අනුව ප්‍රධාන සහ මුහුදුබඩ දුම්රිය මාර්ගවල ධාවනය වන කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අද අවලංගු කර ඇත.

    නියමිතව තිබූ දුම්රිය හදිසියේ අවලංගු කිරීම හේතුවෙන් මගීන් විශාල සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img