තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුන් 3කට සහ ගුරුවරයෙකුට දිවි අහිමි කළ අබලන් ඔරු ගමන

    සිසුන් 3කට සහ ගුරුවරයෙකුට දිවි අහිමි කළ අබලන් ඔරු ගමන

    මඩකලපුව කොක්කඩිචෝලේ තාන්තාමලේ පිහිටි මිනච්චිඕඩෙයි වැවේ ඔරුවක් පෙරලී සිසුන් තිදෙනෙක් සහ ගුරුවරයෙක් දියේ ගිලී මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ අද දහවල් කලයේදීය.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටින සිසුන් 11 දෙනෙක් සමඟ උපකාරක පංති ගුරුවරු තිදෙනෙක් චාරිකාවක් සඳහා පැමිණ වැවේ ඔරුපැදීමට ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

    පැමිණි පිරිස අතර සිසුවියන් 07 දෙනෙක් සිටින බව පොලීසිය කියයි.

    මෙහිදී අබලන් වූ ඔරුවක නැගුණු සිසුන් තිදෙනෙක් ඔරු පදිමින් සිටියදී ඔරුව පෙරලී ඇති බවත් එහිදී දියේ ගිලෙමින් සිටි සිසුන් බේරා ගැනීමට දියට පැන්න ගුරුවරයෙක් සමඟ එම සිසුන් තිදෙනා දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මියගිය 16 හැවිරිදි සිසුන් තිදෙනා සහ 27 හැවිරිදි ගුරුවරයා වෙල්ලාවලි, කළුදන්වේලි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img