fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුර්කියට - සිරියාවට චීන ආධාර ප්‍රවාහනය කඩිනම් කෙරේ

    තුර්කියට – සිරියාවට චීන ආධාර ප්‍රවාහනය කඩිනම් කෙරේ

    චීනය, තුර්කියට හා සිරියාවට සපයන ආධාර ප්‍රවාහනය කඩිනම් කරයි.

    තුර්කියේ හා සිරියාවේ ආපදාවට පත් ප්‍රදේශවලට හැකි ඉක්මණින් ආධාර සැපයීම සඳහා, චීන වාණිජ අමාත්‍යාංශය අදාළ ප්‍රවාහන කටයුතු මැනැවින් සම්බන්ධීකරණය කරන බව එම අමාත්‍යාංශ ප්‍රකාශිකා ෂූ ජුඑටිං මහත්මිය පවසයි.

    සිරියාවට දැනටමත් තිරිඟු ටොන් 220 ක් යවා ඇති අතර, ඉතිරි සහල් හා තිරිඟු ටොන් 3000 කට අධික ප්‍රමාණයක් නුදුරේදීම ප්‍රවාහනය කරන බව ද ඇය සඳහන් කළාය.

    තුර්කියේ හා සිරියාවේ සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් චීනය විශේෂ අවධානය යොමු කර ඇත. එම රටවල් දෙකේ පවතින චීන වාණිජ ආයතන සහ ව්‍යාපාර මගින්, ආපදාවට ලක් වූ ප්‍රදේශවලට ලබාදෙන සහනාධාර සේවාවන්ට චීන රජය සහයෝගය දක්වන බව ද ෂූ ජුඑටිං මහත්මිය කියාසිටී.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.