fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්රේන අර්බුදය ගැන චීනයේ උත්තරේ

    යුක්රේන අර්බුදය ගැන චීනයේ උත්තරේ

     
    චීන සමාගම් රුසියාවට සහනාධාර සැපයීම පිළිබඳව ඇමරිකාව නගන චෝදනා සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වයි.

    මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ යුක්රේන අර්බුදය පිළිබඳව චීනයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටිය නොහැකි බවයි. එ‍සේම එම අර්බුදය උග්‍ර කිරීමට චීනය කිසිසේත් බලපෑම් නොකරන බවත්, එමගින් කිසිදු ප්‍රතිලාභයක් අත්කර නොගන්නා බවත් ඇය පැහැදිලි කළාය.

    යුක්රේනයට නොකඩවා බර අවි හා ප්‍රහාරක අවි සපයන ඇමරිකාව එම අර්බුදය උග්‍ර කරමින් සිටී. සිය ක්‍රියාකලාපය පිළිබඳව ස්වයං විවේචනාත්මකව සිතා නොබලන ඇමරිකාව චීනයට අසත්‍ය චෝදනා නගන බව Mao Ning මහත්මිය පෙන්වාදෙයි. පදනම් විරහිත එම චෝදනා චීනය පිළිනොගන්නා බව ද ඇය කියාසිටියාය.

    ඇමරිකාව, යුක්රේන ජනතාවගේ ජීවිතවල සුරක්ෂිතතාව සහ පවතින අර්බුදය කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, අවි ආයුධ සපයා මෙම සටනින් ප්‍රතිලාභ ලබාගැනීමේ වැරදි සහගත ක්‍රියාවන්ගෙන් මිදිය යුතුව ඇත.

    මෙම අර්බුදය සමනය කිරීමට වගකීම් සහගතව සහාය දක්වමින්, අදාළ පාර්ශ්වයන්ට සාමකාමීව සාකච්ඡා පැවැත්වීම සඳහා හිතකර පරිසරය සහ කොන්දේසි ඇමරිකාව නිර්මාණය කළ යුතු බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.