fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගැටකපන පී.සී. අතටම අසුවේ

    ගැටකපන පී.සී. අතටම අසුවේ

    බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි සහ ජංගම දුරකතන පික්පොකට් ගසමින් සිටි කොළඹ වරාය පොලීසියේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකුව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ කොටුවේ සිට කඩවත බලා ධාවනය වෙමින් තිබුණු බස් රථයක ගමන් ගනිමින් සිටි හමුදා සෙබලෙකුගේ මුදල් පසුම්බියට විදීමට ගිය අවස්ථාවේදී සිවිල් ඇදුමින් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයාව අතටම අල්ලාගෙන ඇත්තේ එම හමුදා සෙබලා විසිනි. ඔහු මෙම කොස්තාපල්වරයාව පොලීසියට භාරදුන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබිබැහි වී සිටින මෙම කොස්තාපල්වරයා කාලයක් තිස්සේ මෙසේ පික්පොකට් ගසන බව විමර්ශන වලින් හෙළිවී ඇත. පසුගිය 15 වෙනිදාද ඔහු සුගතදාස ක්‍රීඩාංගනය ආසන්නයේදී බස් රථයක ගමන් කළ කාන්තාවකගේ ජංගම දුරකතනයක් කොල්ලකා පළාගොස් ඇති බවද පොලීසිය කියයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.