fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු කාලේ මිල තීන්දු වන බිත්තර හමුව හෙට

    අවුරුදු කාලේ මිල තීන්දු වන බිත්තර හමුව හෙට

    සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී රට තුළ බිත්තර හිගයක් ඇතිවීම වැළැක්වීම සදහා බිත්තර ආනයනය කිරීමට සිදුවන බව වෙළද, වානිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

    උත්සව සමයේ ඇති වන අධික ඉල්ලුම හේතුවෙන් බිත්තර මිල ඉහළයාම වැළැක්වීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව හෙතම පැවසීය.

    බිත්තර ආනයනය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා හෙට (01) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.