තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දියවැඩියා රෝගීන්ගෙන් 50%ක් තාම දන්නෙවත් නෑ

    දියවැඩියා රෝගීන්ගෙන් 50%ක් තාම දන්නෙවත් නෑ

    දියවැඩියා රෝගීන්ගෙන් 50% ක ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සඳහන් කරයි.

    රට සිදුවන මරණවලින් 83% ක්ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය.

    රෝගීන් දියවැඩියාව පාලනය නොකිරීම හේතුවෙන් වකුගඩු රෝගවලට පිවිසීම හෝ හෘදයාබාධවලට යොමුවන බව ද ඇය සඳහන් කරන්නීය.

    විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ, එසේ නොවුනහොත් අංසභාග තත්ත්වයන්ට හෝ පත්වන බවයි.

    බොහෝ පිරිස් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නොපැමිණෙන බවද ඇය සඳහන් කළා ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img