තවත්
    මුල් පිටුවspecialයුක්රේනයට F-16 ප්‍රහාරක යානා දෙන්නෙ නෑ

    යුක්රේනයට F-16 ප්‍රහාරක යානා දෙන්නෙ නෑ

    රුසියාවට එරෙහි සටනේ දී යුක්රේනය සොයමින් සිටින F-16 ප්‍රහාරක ජෙට් යානා අමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා නොදෙන බව ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි.

    පසුගිය සතියේ ප්‍රධාන යුද ටැංකි අවශ්‍යපරිදි ලැබීමෙන් අනතුරුව යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ F-16 ජෙට් යානා සඳහා යොමුවිමට සැළසුමක් පවතින බවයි.

    කෙසේ වෙතත් එවැනි ප්‍රහාරක ජෙට් යානා පුහුණු කිරීමට තම නියමුවන්ට වසර භාගයක පමණ කාලයක් ගතවනු ඇති බව යුක්රේන ගුවන් හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කර තිබිණි.

    මේ අතර රුසියානු හමුදාව තම රටට එල්ල කරන ප්‍රහාර වේගවත් කිරීමට සැලසුම් කර තිබෙන බව යුක්‍රේන ජනපති වොඩ්මියර් සෙලෙන්ස්කි එරට මාධ්‍යට අවධාරණය කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img